(රංජිත් රාජපක්ෂ)

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ සියලුම පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් පියවර ගෙන ඇත.

පාසල් වැසීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේද අනුමැතිය ලැබී ඇත.